GET SINHALA HERE...

if you can't read this blog, get sinhala unicode here

Sunday, September 5, 2010

වේගය වැඩි කර ගන්නා ක්‍රමයක්...

මේ සති අන්තයෙදී කවදාවත් නැතුව විශේෂ හේතුවක් හින්දා මට ගෙදර යන්න වුනා කියමුකෝ. ඉතිං සිකුරාදා හවස ලෙක්චස් ඉවර වුනාට පස්සෙ මමයි මගේ යාළුවෙකුයි ගෙදර එන්න පිටත් වුනා. කොහොමහරි හවස 7 වෙනකොට හලාවත පුත්තලම පැත්තෙන් අනුරාධපුරේ යන බස් එකකට අමාරුවෙන් නැග ගෙන ඉස්සරහ සීට් දෙකක අමාරුවෙන්ම වාඩි වුනා. මොකද සති අන්තෙ නිසා මාර සෙනගක්. මං ඉතිං බස් එකේ ගෙදර යන්නෙ නැති නිසා මට එපා වෙලා හිටියෙ. ඒ මදිවට තැන් දහයකදි විතර පොලිසියෙනුයි හමුදාවෙනුයි බස් එක නැවත්තුවා. ඒ හැම වෙලාවෙම කොන්දොස්තර මල්ලී පොතයි සල්ලියි අරන් දුවනවා. බාගයක් දුර යද්දී බස් එක කෑමට නැවැත්තුවා. කෑම ගන්න වෙලාව වැඩි වෙද්දී බස් එකේ ආපු අයියල දෙතුන් දෙනෙක් කෑගහන්න පටන් ගත්තා හැම තැනම නවත්තනව මදිවට කන්නත් පැය ගානක් ගන්නවා උන්ට නං මොකද අපිටනේ ගෙවල් වලට යන්න පරක්කු වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සෙ බස් එක ඉක්මනට ස්ටාර්ට් වුනා. මෙන්න දැං කොන්දොස්තර මල්ලී මං ඉන්න තැන එහා පැත්තෙන් ඉඳගෙන අර මිනිස්සුන්ට මාත් එක්ක බනින්න පටන් ගත්තා. මිනිස්සුන්ට ඉකමනට යන්න ඕනෙ හින්ද වේගෙං යන්න ගිහාම පොලිසියෙන් නවත්තල ඒ අයට කීයක් හරි දෙන්න ඔනෙලු.එක පාරක් O.I.C මහත්තයගෙ කාර් එක ඉස්සර කරල ගියා කියලා නඩුවකුත් දැම්මලු. එතකොට කතා කරන්න දැන් කෑගහන කවුරුත් ආවෙ නෑලු. අපි කාලා මහන්සියට ටිකක් ඉද්දි තමයි කෑගහන්නෙලු. බලන් යනකොට ඒ කියන කතාවෙත් ඇත්තක් තියෙනව කියල මට හිතුනා.අපේ මිනිස්සුන්ට ඉක්මනට ගෙවල් වලට යන්නත් ඔනේ හැබැයි වේගෙං යන්නත් බෑ. වේගෙං ගියත් බනිනව යන්න පරක්කු උනත් බනිනව. ඊලගට මොකක් හරි උන ගමන් බස් එක කුඩු කරල ගිනි තියෙනව. අනිත් අතට පාරෙ ඉදන් බස් නවත්තන අයට දෙන්න බස් කාරයෝ වෙනම ගානක් හොයන්න ඕනෙ. ට්‍රැෆික් අංකල් කෙනෙක් වෙන එකත් ඉකමනටම දියුණු වෙන්න පුලුවන් ක්‍රමයක් කියලත් මට හිතුනා හි හි හී...

මං අද කියල දෙන්න යන්නේ ට්‍රැෆික් අංකල්ලගෙන් බේරිල බස් එකේ වේගය වැඩි කර ගන්න ක්‍රමයක් නෙමේ. අපේ කම්පියුටර් එකේ වේගය වැඩි කර ගන්න ක්‍රමයක්...
අපි මේක කරන්න යන්නෙ නෝට් පෑඩ් එකක් පාවිච්චි කරලයි. ඉස්සෙල්ලාම කරන්න ඕනෙ නෝට් පෑඩ් එකක් ඕපන් කරල මෙන්න මේ විදිහට ටයිප් කර ගන්න එකයි.


ඊට පස්සෙ ram.vbe නමින් ඩෙක්ස්ටොප් එකේ සේව් කරගන්න ඕනේ. ෆයිල් ටයිප් එක all files දෙන්නත් අමතක කරන්න එපා.

ඒ විදිහට සේව් කර ගත්තට පස්සේ මෙන්න මේ වගේ අයිකන් එකක් ලැබෙයි.
දැන් මේ ෆයිල් එක ඕපන් කරල කම්පියුටර් එකේ වැඩ කරන්න බලන්න. ඔයාගෙ කම්පියුටර් එකේ වේගය වැඩි වෙලා කියල ඔයාටම තේරෙයි.

2 comments:

  1. මචන් නියමයි ඔය විදියට කරපන් ස්ද...

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මචන්

    ReplyDelete

Thanks for your comment