GET SINHALA HERE...

if you can't read this blog, get sinhala unicode here

Thursday, November 25, 2010

අනේ මගේ gmail එක hack කරලද????


කාලෙකට පස්සෙ ඔන්න මට ආයිත් බ්ලොග් එක පැත්තෙ එන්න හිතුනා. යාළුවො ගොඩක් දෙනෙක් කිව්වා "අපි හැමදාම බ්ලොග් එක පැත්තේ ගිහින් බලනවා.එත් අලුත් වෙලා නෑනෙ කියලා."එකයි ඉතින් කොච්චර වැඩ තිබුනත් මේ පැත්තෙ ඇවිත් යන්න ඕනෙ කියල හිතුනේ.

අද මං ඔයාලට කියල දෙන්න යන්නෙ ඔයාලගෙ gmail account එක වෙන කවුරු හරි hack කරලද කියල දැන ගන්නෙ කොහොමද කියලයි. වෙන කාගෙ හරි account එකක් hack කරන්න කලින් අපි hack වෙලාද කියල දැන ගන්න ඔනෙනෙ නේද.

ඉතිං මේක හරිම පහසු ක්‍රමයක්...

ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ ඔයාලගෙ gmail account එකට ලොග් වෙලා පහලින් තියෙන Last Account Activity කියන එකේ details එකට යන එක.

මේකට ගියාම ඔයාගෙ gmail එකට ලොග් වුනේ කවුද කියල ලේසියෙන්ම බලා ගන්න පුළුවන්.


මේකෙ Access type එකෙන් කියන්නෙ අපි මොකක් පාවිච්චි කරලද gmail එකට ලොග් වෙන්නෙ කියල, Browser, Mobile ආදිය...දෙවෙනි තීරුවෙන් පෙන්නන්නෙ ලොග් වුන IP address එක මොකද්ද කියල. තුන් වෙනි තීරුවෙන් ලොග් වුන වෙලාව බලා ගන්න පුලුවන්. ඊලගට අපි බලමු IP address එක හදුනා ගන්නෙ කොහොමද කියලා. ඒකට අපිට Domain Tools පාවිච්චි කරන්න පුලුවන්.

සමහර වෙලාවට ඔයාලට මේකෙදි වෙනත් රට වල IP address දකින්න ලැබෙන්න පුළුවන්. එහෙම වුනා කියල එක පාරටම කලබල වෙන්න එපා. ඔයාල gmail ලොග් වෙන්න 3rd party service එකක් භාවිතා කලොත් එහෙම වෙන්න පුලුවන්. Domain Tools පාවිච්චි කරල ඒක හරියටම දැන ගන්න පුළුවන්. සමහර වෙලාවට Google එකෙනුත් ඔයාගෙ account එකේ සැක කටයුතු දෙයක් වෙනවනම් ඔයාලට alerts එවන්න පුළුවන්. ඒ වෙලාවට කරන්න තියෙන හොදම දේ තමයි ඉක්මනටම account එකේ password එක වෙනස් කරන එක.

තව දෙයක් තියෙනව...සමහර වෙලාවට අපේ අයට ලැබ් වල වැඩ කර කර ඉදල gmail එකෙන් logoutවෙන්න අමතක වෙලා ගෙදර ගියාම තමා මතක් වෙන්නෙ. එහෙමත් නැත්තං කම්පියුටර් එක stuck වෙලා දාල ගියාම පස්සෙ වෙන කෙනෙක් ඇවිත් gmail ලොග් වෙන්න හැදුවම කලින් කෙනාගෙ එකට තමයි ලොග් වෙන්නෙ. අපේ අයටත් ඉතිං වෙන කෙනෙක්ගෙ account එකක් දැක්කම හරි අමාරුයි මොකුත් නොකර නිකං ඉන්න හි.. හි

දැන් අපි බලමු කොහොමද මේකෙන් ගැලවෙන්නෙ කියලා.

මුලින්ම කරන්න ඕනෙ වෙන කම්පුටර් එකකින් ඔයාලගෙ gmail එකට ලොග් වෙන එක. ඊට පස්සෙ අර කලින් කියපු තැනම උඩින්ම තියෙනවා Sign out all other sessions කියලා button එකක්.ඒක උඩ click කලාම වැඩේ හරි.

ඇත්තටම ඔයාල hack වෙලා කියල තේරුනොත් ඉස්සෙල්ලම කරන්න ඔනේ දේ තමයි password එකයි security question එකයි වෙනස් කරන එක. Security question එකට ඔයාලම විතරක් දන්න දෙයක් පාවිච්චි කරන්න. කවදාවත් ඔයාලගෙ last name එක, birthday එක, Mobile number එක වගේ දේවල් දාන්න එපා. http://mail.google.com/support/bin/answer.py?hl=en&answer=29409 මේකෙන් ගියාම ඔයාලට Google ගාව තියෙන උපක්‍රම ටික බලා ගන්න පුලුවන්.

එහෙනං ඉතින් අදට වැඩ ඉවරයි. මේක ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියල හිතනව. මේක බලල ඔයාලගෙ අදහස් වගේම ඔයාල මේ ගැන දන්න දේවල් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනං මං ගිහින් එන්නං...












Sunday, September 5, 2010

වේගය වැඩි කර ගන්නා ක්‍රමයක්...

මේ සති අන්තයෙදී කවදාවත් නැතුව විශේෂ හේතුවක් හින්දා මට ගෙදර යන්න වුනා කියමුකෝ. ඉතිං සිකුරාදා හවස ලෙක්චස් ඉවර වුනාට පස්සෙ මමයි මගේ යාළුවෙකුයි ගෙදර එන්න පිටත් වුනා. කොහොමහරි හවස 7 වෙනකොට හලාවත පුත්තලම පැත්තෙන් අනුරාධපුරේ යන බස් එකකට අමාරුවෙන් නැග ගෙන ඉස්සරහ සීට් දෙකක අමාරුවෙන්ම වාඩි වුනා. මොකද සති අන්තෙ නිසා මාර සෙනගක්. මං ඉතිං බස් එකේ ගෙදර යන්නෙ නැති නිසා මට එපා වෙලා හිටියෙ. ඒ මදිවට තැන් දහයකදි විතර පොලිසියෙනුයි හමුදාවෙනුයි බස් එක නැවත්තුවා. ඒ හැම වෙලාවෙම කොන්දොස්තර මල්ලී පොතයි සල්ලියි අරන් දුවනවා. බාගයක් දුර යද්දී බස් එක කෑමට නැවැත්තුවා. කෑම ගන්න වෙලාව වැඩි වෙද්දී බස් එකේ ආපු අයියල දෙතුන් දෙනෙක් කෑගහන්න පටන් ගත්තා හැම තැනම නවත්තනව මදිවට කන්නත් පැය ගානක් ගන්නවා උන්ට නං මොකද අපිටනේ ගෙවල් වලට යන්න පරක්කු වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සෙ බස් එක ඉක්මනට ස්ටාර්ට් වුනා. මෙන්න දැං කොන්දොස්තර මල්ලී මං ඉන්න තැන එහා පැත්තෙන් ඉඳගෙන අර මිනිස්සුන්ට මාත් එක්ක බනින්න පටන් ගත්තා. මිනිස්සුන්ට ඉකමනට යන්න ඕනෙ හින්ද වේගෙං යන්න ගිහාම පොලිසියෙන් නවත්තල ඒ අයට කීයක් හරි දෙන්න ඔනෙලු.එක පාරක් O.I.C මහත්තයගෙ කාර් එක ඉස්සර කරල ගියා කියලා නඩුවකුත් දැම්මලු. එතකොට කතා කරන්න දැන් කෑගහන කවුරුත් ආවෙ නෑලු. අපි කාලා මහන්සියට ටිකක් ඉද්දි තමයි කෑගහන්නෙලු. බලන් යනකොට ඒ කියන කතාවෙත් ඇත්තක් තියෙනව කියල මට හිතුනා.අපේ මිනිස්සුන්ට ඉක්මනට ගෙවල් වලට යන්නත් ඔනේ හැබැයි වේගෙං යන්නත් බෑ. වේගෙං ගියත් බනිනව යන්න පරක්කු උනත් බනිනව. ඊලගට මොකක් හරි උන ගමන් බස් එක කුඩු කරල ගිනි තියෙනව. අනිත් අතට පාරෙ ඉදන් බස් නවත්තන අයට දෙන්න බස් කාරයෝ වෙනම ගානක් හොයන්න ඕනෙ. ට්‍රැෆික් අංකල් කෙනෙක් වෙන එකත් ඉකමනටම දියුණු වෙන්න පුලුවන් ක්‍රමයක් කියලත් මට හිතුනා හි හි හී...

මං අද කියල දෙන්න යන්නේ ට්‍රැෆික් අංකල්ලගෙන් බේරිල බස් එකේ වේගය වැඩි කර ගන්න ක්‍රමයක් නෙමේ. අපේ කම්පියුටර් එකේ වේගය වැඩි කර ගන්න ක්‍රමයක්...
අපි මේක කරන්න යන්නෙ නෝට් පෑඩ් එකක් පාවිච්චි කරලයි. ඉස්සෙල්ලාම කරන්න ඕනෙ නෝට් පෑඩ් එකක් ඕපන් කරල මෙන්න මේ විදිහට ටයිප් කර ගන්න එකයි.


ඊට පස්සෙ ram.vbe නමින් ඩෙක්ස්ටොප් එකේ සේව් කරගන්න ඕනේ. ෆයිල් ටයිප් එක all files දෙන්නත් අමතක කරන්න එපා.

ඒ විදිහට සේව් කර ගත්තට පස්සේ මෙන්න මේ වගේ අයිකන් එකක් ලැබෙයි.
දැන් මේ ෆයිල් එක ඕපන් කරල කම්පියුටර් එකේ වැඩ කරන්න බලන්න. ඔයාගෙ කම්පියුටර් එකේ වේගය වැඩි වෙලා කියල ඔයාටම තේරෙයි.

Wednesday, September 1, 2010

ආධුනිකයෙක්...

යාලුවනේ ඔන්න මමත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත. කෑම්පස් ඈවිත් අවුරුදු දෙකක්ම ගියාට පස්සෙ තමයි හරියටම බ්ලොග් එකක් ලියන්න ඕනෙ කියල හිතුනෙ. ඒ ගැන නම් ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ. හි හි..ඉතින් අද ඉදල මං දන්න දේවල් වගේම නොදන්න ගොඩක් දෙවල් ඔයාලත් එක්ක බෙදා හදා ගන්නයි යන්නෙ. මං හිතන්නෙ ඔයාලත් අකමති වෙන එකක් නෑ මාත් එක්ක එකතු වෙලා නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්න. එහෙනං ඉතින් සෙට් වෙන්නයි තියෙන්නෙ.....

ඔන්න ඉතිං කැම්පස් එකේ තුන් වෙනි අවුරුද්දත් පටන් ගත්ත කියමුකෝ.. හැබැයි ඉතින් කරන්න තියෙන සබ්ජෙක්ට්ස් ගොඩ දැක්කම නං ඔලුව පොඩ්ඩක් කැරකෙනවා. ඊටත් වඩා තියෙන ප්‍රශ්නෙ තමයි කැමති ඒවා තෝරා ගන්න එක. අපේ කස්ටියගේ මුනු දිහා ටිකක් වෙලා බලන් හිටියොත් ඒක හොඳට පේනවා. ඒ හින්ද අපේ අය මේ දවස් වල කරන ලොකුම වැඩේ තමයි කැම්පස් එකෙන් දුන්නු පොතත් අරන් එක එක්කෙනා ගාවට ගිහිං මොනවද කරන්නෙ කියල අහන එක..හි හි හී..හිනා වුනාට මොකද මටත් ඉතිං ඔය ප්‍රශ්නෙ නැතුවම නෙමෙයි. ඒත් ඉතින් මං කැමතිම සබ්ජෙක්ට්ස් ටිකකුත් නැතුවම නෙමෙයි. networking, cryptography.... මං ඉතිං හැකිං(hacking) පැත්තට තමයි වැඩි පුරම ආස. හැකිං වලදි කම්පියුටර් වයිරස් වලට විශේෂ තැනක් හිමි වෙනව කියල ඔයාල දන්නවනෙ. ඔන්න එහෙනං අද මං හා හා පුරා කියල, කියල දෙන්න යන්නෙ ව්‍යාජ වයිරසයක්(fake virus) හදා ගන්න හැටි ගැනයි. මේක ගොඩාක්ම සරල එකක්. ඒත් ඉතිං ඉස්සෙල්ලම මේ දේවල් ගැන අහන කෙනෙකුට නං ගොඩක් ලොකු දෙයක් වගේ හිතෙයි. කොහොම උනත් මේකෙං අපේ යාළුවෙක්ව හොඳටම බය කරල හිනා වෙන්න පුලුවන්. මේකෙං මැෂින් එකට හානියක් නං වෙන්නෙ නෑ. මොකද මේකෙං වෙන්නේ කොම්පියුටර් එක shutdown හරි restart හරි වෙන එක විතරයි.

එහෙනං ඉතින් කතාව නවත්තල වැඩේට බහිමු නෙද?

ඉස්සෙල්ලාම කරන්න ඕනෙ ඩෙක්ස්ටොප් එකේ රයිට් ක්ලික්(right click) කරල new මෙනු එකේ තියෙන shortcut කියන option එක තෝර ගනන එකයි. ඊට පස්සෙ පල්ලෙහා තියෙන රූපෙ තියෙන විදිහට ටයිප් කරන්නයි තියෙන්නෙ.


ඇත්තටම අපි මේ හදන්නෙ system shutdown එකට short cut එකක්. මේකෙ -s වෙනුවර -r දැම්මම restart වෙනව. -t 50 කියන්නෙ shutdown වෙන්න තත්පර 50ක් ගතවෙනව කියන එකයි. ඒක අපිට ඕන විදිහට දෙන්න පුළුවන්. ඕනම නං -t 0 උනත් දෙන්න පුළුවන්. ඊට පස්සෙ යාළුවට බය හිතෙන විදිහෙ massage එකක් ටයිප් කරන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ next කරන්න.

ඊලගට එන වින්ඩෝව් එකේ ඔයාට කැමති, වැඩිපුරම පාවිච්චි කරන application එකක නමක් ලියන්න. මං ලියනව Mozilla Firefox කියල. ඊට පස්සෙ Finish කරන්න.

දැන් අපි short cut එක හදල ඉවරයි. ඊට පස්සෙ අපි හදපු short cut එක උඩ right click කරල change icon කියන option එක තෝරන්න.

හැබැයි ඉතිං firefox icon එකනං browse කරල තමයි ගන්න වෙන්නෙ.

ඊට පස්සෙ firefox iconඑක තෝරල apply කරල ok කරාම වැඩේ ඉවරයි. දැන් ඩෙක්ස්ටොප් එකේ හැදිල තියෙන firefox icon එක උඩ double click කරල බලන්න. මෙන්න මේ වගේ massage එකක් ඇවිත් තත්50කට පස්සෙ කම්පියුටර් එක shutdown වෙයි.

දැන් ඉතිං හරි වැඩේ තමයි. ඊලගට එන ප්‍රශ්නෙ තමඉ කොහොමද අපි මෙහෙම වෙන එක නැති කර ගන්නෙ කියන එක නේද?

ඒකට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඉක්මනටම ගිහිල්ල Run වින්ඩොව් එකක් ඕපන් කරගෙන මෙන්න මේ කමාන්ඩ් එක ටයිප් කරල එන්ටර් කරන එකයි තියෙන්නෙ.බොහොම සුලු වැඩක්. හැබැයි ටිකක් ඉක්මනට කරන්න වෙයි.


එහෙම කරපු ගමන් operation එක කැන්සල් වෙන හින්ද shutdown වෙන්නෙ නෑ. ඔන්න ඔහොම තමයි ඉතිං fake virus එකක් ලේසියෙන්ම හදා ගන්නෙ. ට්‍රයි කරල බලන්න. එහෙනං ඉතිං අදට වැඩ ඉවරයි. හි හි...