GET SINHALA HERE...

if you can't read this blog, get sinhala unicode here

Wednesday, September 1, 2010

ආධුනිකයෙක්...

යාලුවනේ ඔන්න මමත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත. කෑම්පස් ඈවිත් අවුරුදු දෙකක්ම ගියාට පස්සෙ තමයි හරියටම බ්ලොග් එකක් ලියන්න ඕනෙ කියල හිතුනෙ. ඒ ගැන නම් ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ. හි හි..ඉතින් අද ඉදල මං දන්න දේවල් වගේම නොදන්න ගොඩක් දෙවල් ඔයාලත් එක්ක බෙදා හදා ගන්නයි යන්නෙ. මං හිතන්නෙ ඔයාලත් අකමති වෙන එකක් නෑ මාත් එක්ක එකතු වෙලා නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්න. එහෙනං ඉතින් සෙට් වෙන්නයි තියෙන්නෙ.....

ඔන්න ඉතිං කැම්පස් එකේ තුන් වෙනි අවුරුද්දත් පටන් ගත්ත කියමුකෝ.. හැබැයි ඉතින් කරන්න තියෙන සබ්ජෙක්ට්ස් ගොඩ දැක්කම නං ඔලුව පොඩ්ඩක් කැරකෙනවා. ඊටත් වඩා තියෙන ප්‍රශ්නෙ තමයි කැමති ඒවා තෝරා ගන්න එක. අපේ කස්ටියගේ මුනු දිහා ටිකක් වෙලා බලන් හිටියොත් ඒක හොඳට පේනවා. ඒ හින්ද අපේ අය මේ දවස් වල කරන ලොකුම වැඩේ තමයි කැම්පස් එකෙන් දුන්නු පොතත් අරන් එක එක්කෙනා ගාවට ගිහිං මොනවද කරන්නෙ කියල අහන එක..හි හි හී..හිනා වුනාට මොකද මටත් ඉතිං ඔය ප්‍රශ්නෙ නැතුවම නෙමෙයි. ඒත් ඉතින් මං කැමතිම සබ්ජෙක්ට්ස් ටිකකුත් නැතුවම නෙමෙයි. networking, cryptography.... මං ඉතිං හැකිං(hacking) පැත්තට තමයි වැඩි පුරම ආස. හැකිං වලදි කම්පියුටර් වයිරස් වලට විශේෂ තැනක් හිමි වෙනව කියල ඔයාල දන්නවනෙ. ඔන්න එහෙනං අද මං හා හා පුරා කියල, කියල දෙන්න යන්නෙ ව්‍යාජ වයිරසයක්(fake virus) හදා ගන්න හැටි ගැනයි. මේක ගොඩාක්ම සරල එකක්. ඒත් ඉතිං ඉස්සෙල්ලම මේ දේවල් ගැන අහන කෙනෙකුට නං ගොඩක් ලොකු දෙයක් වගේ හිතෙයි. කොහොම උනත් මේකෙං අපේ යාළුවෙක්ව හොඳටම බය කරල හිනා වෙන්න පුලුවන්. මේකෙං මැෂින් එකට හානියක් නං වෙන්නෙ නෑ. මොකද මේකෙං වෙන්නේ කොම්පියුටර් එක shutdown හරි restart හරි වෙන එක විතරයි.

එහෙනං ඉතින් කතාව නවත්තල වැඩේට බහිමු නෙද?

ඉස්සෙල්ලාම කරන්න ඕනෙ ඩෙක්ස්ටොප් එකේ රයිට් ක්ලික්(right click) කරල new මෙනු එකේ තියෙන shortcut කියන option එක තෝර ගනන එකයි. ඊට පස්සෙ පල්ලෙහා තියෙන රූපෙ තියෙන විදිහට ටයිප් කරන්නයි තියෙන්නෙ.


ඇත්තටම අපි මේ හදන්නෙ system shutdown එකට short cut එකක්. මේකෙ -s වෙනුවර -r දැම්මම restart වෙනව. -t 50 කියන්නෙ shutdown වෙන්න තත්පර 50ක් ගතවෙනව කියන එකයි. ඒක අපිට ඕන විදිහට දෙන්න පුළුවන්. ඕනම නං -t 0 උනත් දෙන්න පුළුවන්. ඊට පස්සෙ යාළුවට බය හිතෙන විදිහෙ massage එකක් ටයිප් කරන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ next කරන්න.

ඊලගට එන වින්ඩෝව් එකේ ඔයාට කැමති, වැඩිපුරම පාවිච්චි කරන application එකක නමක් ලියන්න. මං ලියනව Mozilla Firefox කියල. ඊට පස්සෙ Finish කරන්න.

දැන් අපි short cut එක හදල ඉවරයි. ඊට පස්සෙ අපි හදපු short cut එක උඩ right click කරල change icon කියන option එක තෝරන්න.

හැබැයි ඉතිං firefox icon එකනං browse කරල තමයි ගන්න වෙන්නෙ.

ඊට පස්සෙ firefox iconඑක තෝරල apply කරල ok කරාම වැඩේ ඉවරයි. දැන් ඩෙක්ස්ටොප් එකේ හැදිල තියෙන firefox icon එක උඩ double click කරල බලන්න. මෙන්න මේ වගේ massage එකක් ඇවිත් තත්50කට පස්සෙ කම්පියුටර් එක shutdown වෙයි.

දැන් ඉතිං හරි වැඩේ තමයි. ඊලගට එන ප්‍රශ්නෙ තමඉ කොහොමද අපි මෙහෙම වෙන එක නැති කර ගන්නෙ කියන එක නේද?

ඒකට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඉක්මනටම ගිහිල්ල Run වින්ඩොව් එකක් ඕපන් කරගෙන මෙන්න මේ කමාන්ඩ් එක ටයිප් කරල එන්ටර් කරන එකයි තියෙන්නෙ.බොහොම සුලු වැඩක්. හැබැයි ටිකක් ඉක්මනට කරන්න වෙයි.


එහෙම කරපු ගමන් operation එක කැන්සල් වෙන හින්ද shutdown වෙන්නෙ නෑ. ඔන්න ඔහොම තමයි ඉතිං fake virus එකක් ලේසියෙන්ම හදා ගන්නෙ. ට්‍රයි කරල බලන්න. එහෙනං ඉතිං අදට වැඩ ඉවරයි. හි හි...







2 comments:

  1. මොනවා කියන්නද මොනව දකින්නද මා දෑන්................
    මම මහලු වියෙනම් නෙමෙයි.......
    මොකද මටත් ඔය තියෙනව..මෙ අවුරුද්දෙන් පස්සෙ අපිට මොනව වෙවිද අනෙ මන්ද එක ඉතින් අපිටම තමයි බලන්න වෙන්නෙ...අමාරු වුනත් හොදින් වෙඩ කිරිම තමයි මගෙ අසව......i wish u all the best...

    ReplyDelete
  2. බලමු බලමු දැම්ම මැරෙන්නෙ නැති වෙයිනෙ හිහි කවුරු මොනව කිව්වත් තමන් ආස දේ තමයි කරන්න ඔනේ. නැත්තං පැවැත්මක් නෑ

    ReplyDelete

Thanks for your comment